Wednesday, September 07, 2011

 ලෝකය තුළ බහුලව ඇතිවන දැවෙන ප්‍රශ්න වලට හේතුව වන්නේ පුද්ගලයාගේ නොහික්මුණු ප්‍රතිපත්තිය තමා සිතන පතන අයුරින් සියල්ල සිදුවන තෙක් පුද්ගලයා නො ඉවසිලි ලෙස කාලය ගතකිරීම මුලාවකි. සංසාර ගමනේ භයංකාර දුක්ඛිත තත්ත්වය පෙනි පෙනී එතුළම වෙළී සිටී.

ආත්මාර්ථය උදෙසාම කටයුතු කරන ක්ෂණිකව කෝපයට පත්වන පුද්ගලයන් සමාජය තුළ බහුල ය. බෞද්ධ දර්ශනයේ අඩංගු යහපත් පරමාදර්ශ අනුව ජීවිත හැඩගසා ගන්නට උත්සාහ කරන්නේ නම් සමස්ත ලෝකය 
තුළම පවතින ගැටලුවලට විසඳුම් සෙවීම අපහසු නොවන්නකි.


ආර්ථික අංශයේ දියුණුව උදෙසාම වෙහෙසෙමින් දිවි පවත්වාගෙන යන පුද්ගලයාට ආගම දහම අමතකව යන ලකුණු පෙනේ. නිර්මල පිවිතුරු බෞද්ධ දර්ශනයේ පිහිට පිළිසරණ ලැබීමට මෙරට වැසියෝ භාග්‍යවන්ත වූහ.

ලෝක සත්වයන්ගේ හිතසුව සලසනු පිණිස දීපංකර පාදමූලයේදී සුමේධ තාපසතුමා එදා විවරණ ලැබීය.

බෝසත් අවධියේ පටන් ලොව්තුරු බුද්ධ රාජ්‍ය පසක් කරගන්නා තෙක් බුදුරදුන්ගේ අසහාය අධ්‍යාත්මික ගුණධර්ම සිහියට නැංවීම තුළිනුත් පුද්ගල මනසට එක්කරන්නේ මහත්වූ සැනසිල්ලකි. කරුණාවේ ප්‍රඥාවේ දයාවේ අනුකම්පාවේ මෛත්‍රියේ පරිත්‍යාගශීලිත්වයේ හා ඉවසීම යනාදි අනන්ත අප්‍රමාණ වූ ගුණ සමුදායක් මැනවින් ප්‍රකට කළ උත්තරීතර පුරුෂ රත්නයක් ලෙස බුදුරජාණන් වහන්සේ තම තමන්ට හඳුනාගත හැකිය. සමාජයේ ජීවත්වන පුද්ගලයාට තමන්ගේ දුර්ගුණ අඩුලුහුඬුකම් සකසා ගැනීමට ලොව්තුරා බුදුරදුන්ගේ අසිරිමත් බුදු සිරිතෙන් ලබාගත හැකි පරමාදර්ශ බොහෝ ය. ඉවසීමේ මහා ශක්තියක් බුදුරදුන් තුළ පැවැතුණි. පුහුදුන් සමාජයෙන් උන්වහන්සේට ප්‍රශංසා වලින් මෙන්ද අවමන්වලින් ද අඩුවක් නොවීය.

No comments:

Post a Comment